gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ලිට්‍රෝ ලොක්කන් මිලියන ගණනින් පඩි කෑ හැටි විගණනය හෙළි කරයි….

යහපාලනය සඳහා වු  රාජ්‍ය ව්‍යාපාර  මාර්ගෝපදේශ චක්‍රලේඛයේ සදහන් විධිවිධානවලට පටහැනිව   ලිට්රෝ ගෑස් ලංකා සමාගම  විසින් 2019 වර්ෂයේ දි එහි සභාපතිවරයා වෙත  රුපියල් විසි දෙලක්ෂ හැට නව දහස් හත්සිය තිස් හතක  (22, 69,737)  ක ප්‍රසාද මුදලක්  ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම චක්‍රලේඛයේ  විධිවිධානවලට පටහැනිව  සමාගම විසින් සභාපතිවරයාට  ගෙවන ලද දීමනාමත  සේවක ආර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ගෙවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ලිට්‍රෝ  ගෑස් සමාගම විසින් මාර්ගෝපදේශයේ සඳහන් විධිවිධානවලට පටහැනිව හා  භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතියකින් තොරව  කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් වශයෙන්  විධායක වැටුල් ලේඛනයේ දළ  වැටපු රුපියල් 38000 සිට  රුපියල් ලක්ෂ දහය (10, 00000) දක්වා පරාසයක  පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සමාගමේ  සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂක මණ්ඩලයේ  දීමනා තිරණය කිරිමට පෙර  සමාගම විසින් රේඛිය අමාත්‍යංශයේ ලේකම්ගේ නිර්දේශ හා මුදල්  ඇමතිවරයාගේ එකඟතාවය  ලබාගෙන තිබෙද යන්න  තහවුරු කරගැනීම සඳහා  විගණනයට සාක්ෂි ලැබි නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

රාජ්‍ය ව්‍යාපාර දේපාර්තමේන්තුවේ එකගතාවය මත අමාත්‍යංශය හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද බඳවාගැනීමේ හා උසස් කිරීමේ ක්‍රියාපටිපාටියක්  සමාගම සතුව නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

අනුමත කාර්යමණ්ඩලයක් සහිතව  රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  ලියාපදිංචි කළ සංවිධාන ව්‍යුහයක්  සමාගම  සතුව නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුව ද  සමාගමේ  කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  සමාගමේ සංගමික  ව්‍යවස්ථාවලියට අනුව සියලු කටයුතු කරඇති බවය.
-ලලිත් චාමින්ද 
-lankasara

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka