gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි - දරුවන් දෙදෙනෙක්, ගැබිනියක් ඇතුළු 6කට තුවාල (video)

අද (18) උදෑසන ගාල්ල - මාගාල්ල අනුලාදේවී බාලිකා විද්‍යාලය අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක ආලෝක සංඥා නොතකමින් ධාවනය කළ මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් ගැබිනි කාන්තාවක්, කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 6දෙනෙක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටිය දී මෝටර් රථයේ සිටි පිරිස එම අනතුරට මුහුණ දී තිබේ.

අනතුරින් රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කෙසේ වෙතත් අනතුර ඇසින් දුටු පුද්ගලයෙක් පවසා සිටියේ, අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වෙමින් තිබිය දී එය නොතකා මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කළ බවය.

"මම ගේ ගාව හිටියේ. මෙතැන කෝච්චියේ එලාම් එක වැදුනා. මම අතින් කෑ ගැහුවා දාන්න එපා... දාන්න එපා කියලා. එහෙම ම වාහනේ මැදම නැවතුනා ඇවිල්ලා. කට්ටියත් එක්කම. මීටර් 5ත් - 10ත් වගේ කෝච්චිය තිබුණේ. වැදුන ගමන් උඩින් ගියේ. කට්ටිය අරගෙන ඉස්පිරිතාලේ ගිහින් දාලා ආවේ. මොනවා වෙලා ද දන්නේ නෑ. ප්‍රෙග්නට් අම්මා කෙනෙක් හිටියා. පොඩි දරුවෝ දෙන්නෙක් හිටියා. පිරිමි තුන්දෙනෙක් වගේ හිටියා."

-adaderana
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka