රනිල් පරද්දන්න පාර්ලිමේන්තුවේ ඕන ක්‍රියාපටිපාටියකට යන්න -අරගලකරුවෝ සජිත් හමුවී දැනුම් දෙයි! මම අරගලය පාවා දෙන කිසිම තීන්දුවක් ගන්නේ නෑ -සජිත් අරගලකරුවන් හමුවේ ප්‍රතිඥාවක් දෙයි! මුල්වරට අරගල භූමියේ සියලු නායකයන් විපක්ෂනායක කාර්යාලයට එයි! (VIDEO)
තමන් කිසිදු විටෙක අරගලය පාවා නොදුන් බවත්,ඉදිරියටත් එය වෙනස් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(18) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂ නායක තුමා වෙත දන්වා සිටියේය.
තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඉදිරියටත් එය සිදු නොවන බවද පැවසීය.
මෙහිදී දැකගත හැකි විශේෂම සිදුවීම වූයේ අරගලය නියෝජනය කරන සියලුම නායකයන් පළමු වරට මෙම හමුවට එක්ව සිටීමය.
රනිල් පරද්දන්න පාර්ලිමේන්තුවේ ඕන ක්‍රියාපටිපාටියකට යන්න -අරගලකරුවෝ සජිත් හමුවී දැනුම් දෙයි! මම අරගලය පාවා දෙන කිසිම තීන්දුවක් ගන්නේ නෑ -සජිත් අරගලකරුවන් හමුවේ ප්‍රතිඥාවක් දෙයි! මුල්වරට අරගල භූමියේ සියලු නායකයන් විපක්ෂනායක කාර්යාලයට එයි! (VIDEO)
2022-07-18T14:05:00+05:30
Gossip Lanka Hot News