තවත් ඇමතිකම් 4ක්; නාමල්ටත් එකක්?; වජිරත් ළඟදිම ඇමති කෙනෙක්
ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පොහොට්ටුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුට පමණ කැබිනට් අමාත්‍ය පදවි හිමිවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, ජොන්ස්ටන් ප්‍රනනාන්දු, රෝහිත අබේගුණවර්ධන හා නාමල් රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරුන් අතරින් සිව්දෙනකුට අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි පැවසේ.
මේ අතර, එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධන මහතාට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
තවත් ඇමතිකම් 4ක්; නාමල්ටත් එකක්?; වජිරත් ළඟදිම ඇමති කෙනෙක්
2022-07-31T16:30:00+05:30
Gossip Lanka Hot News






