gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බිලියන 4ක් තිබ්බත් ගෝඨාගේ කාලේ ජනාධිපති අරමුදලෙන් අසරණ රෝගීන්ට සතයක්වත් දීලා නෑ!

ජනාධිපති අරමුදලේ රුපියල් බිලියන හතරක ශේෂයක් තිබියදීත්, පසුගිය වසර දෙක තුළ කිසිවෙකුට ඉන් ප‍්‍රතිලාභ ලබා දී නැති බව වාර්තා වේ.

හදිසි ශල්‍යකර්ම සදහා මුදල් උපයා ගැනීමේ හැකියාව නැති ජනප‍්‍රජාවන් ඉලක්ක කර ගනිමින් සහනාධාර ලබා දීම සදහා ජනාධිපති ජනාධිපති අරමුදල යොදවනු ලැබේ.

එවැනි අයදුම්පත් හත් දහසක් පමණ ලැබී තිබුණත්, ඒ කිසිවෙකුට පසුගිය දෙවසර තුළ ජනාධිපති අරමුදලෙන් ප‍්‍රතිලාභ ලබා දී නොතිබුණු බව සන්ඬේ ටයිම්ස් වාර්තා කරයි.

සහන අවශ්‍ය පිරිස් වෙත සහල ලබා දීම සදහා ජනාධිපති අරමුදල යළි යොදා ගන්නා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ජනාධිපති අරමුදලෙන් සහන බලාපොරොත්තුවන ජනතාවට අන්තර් ජාලය ඔස්සේ ඒ සදහා අයදුම් කිරීමේ හැකියාවද සැලසීමට නියමිත ය.
-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka