දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ
රටේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ නව කොවිඩ් ප්‍රභේදය පැතිර ගියහොත් සුළු පිරිසක් වුවද රෝහල් ගත කිරීම දරා ගැනීමට නොහැකි බැවින් නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 4 ම ලබා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රි ජයයර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අනුක ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කළාය.
පසුගිය ජනවාරි පෙබරවාරි මාස වලදී ඔමික්‍රොන් ප්‍රභේදය රටතුළ දරුණු ලෙසපැතිර ගියද මරණ සංඛ්‍යාව ඩෙල්ටා ප්‍රභේදය පැතිරගිය කාලයට වඩා අඩු වුයේ ඒ වන විට රටේ ජනගහනයෙන් සියයට 70ක් පමණ දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බැවින් යැයි ඇය පෙන්වා දුන්නාය.
එන්නත් මාත්‍රා 4 ලබා ගැනීමෙන් රෝගයට ගොදුරු වීමේ අවදානම් සංකූලත්වන් ඇති වීම හා මරණයට පත්විම අවම කර ගත හැකි බවද මහාචාර්යවරිය සඳහන් කළාය.
අවුරුදු 60ට වැඩි සහ විදේශ ගත වන සියලුම දෙනා එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම අනිවාර්ය යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි
දැන් නව කොවිඩ් ප්‍රභේදයත් රටට ආවොත් රට බිහිසුණු අවුලකට යයි… එන්නත් මාත්‍රා 4ම ගන්න – මහාචාර්ය නීලිකා මලවිගේ
2022-07-07T07:33:00+05:30
Gossip Lanka Hot News






