පොලිසිය මිනිස්සුන්ට ගැහුවොත් මිනිස්සුන්ටත් පොලිසියට ගහන්න පුලුවන්! හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි නීතිය පැහැදිලි කරයි! (VIDEO)
රට තුල පවතින ආර්ථික අර්බුදය සමග බරපතල අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ එවැනි අර්බුදයක් ඇතිවුවහොත් එය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ලංකාව තුළ සිටිය ද, බොහෝ දෙනෙකු මේ වන විටත් ප්‍රභූ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවයි,
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් සඳහා ද විවිධ උපක්‍රම යොදාගනිමින් පොලිස් ආරක්ෂාව ලබා දී ඇති අයුරු ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී හෙළි කළා.
පොලිසිය නිලධාරින් විසින් සාමාන්‍ය පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආත්මාරක්ෂාව උදෙසා ජනතාවට පොලීසියට පහර දීමේ හැකියාව පවතින අවස්ථාවක් පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා..
පොලිසිය මිනිස්සුන්ට ගැහුවොත් මිනිස්සුන්ටත් පොලිසියට ගහන්න පුලුවන්! හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි නීතිය පැහැදිලි කරයි! (VIDEO)
2022-07-07T07:38:00+05:30
Gossip Lanka Hot News






