21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි විමලවීර කියයි
යෝජනා වී ඇති ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්නේ නම් එම සංශෝධනය පිටපත් තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල සිටින ජනතාවට බෙදා දෙන්නයි තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
එසේම ආහාර ගෙන ඒම සඳහා ඩොලර් නැති වන විට විදේශීය රටවල් සඳහා ව්‍යවස්ථා සංශෝධනය පිටපත් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
කෙටිකාලීන ආණ්ඩුවක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත්තේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද හෙතෙම පැවසීය.
ව්‍යවස්තා සංශෝධන වලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් වෙන වෙන විකාර නොකර ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි විමලවීර කියයි
2022-06-03T16:55:00+05:30
Gossip Lanka Hot News






