gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහබැංකු මහ හොරා කියපු රනිල්ට අගමැතිකම දුන්නේ අපි නෙමෙයි ජනාධිපති! පොහොට්ටුවේ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අගමැති ගැන අදහස් දක්වයි! (VIDEO)

රටත් ජනතාවත් බරපතළ අර්බුදයකට ඇද දමමින් කටයුතු කළ දේශපාලනඥයින් සහ නිළධාරීන් පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.
ඒ කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ විමර්ශන සහ ප්‍රශ්න කිරීම් හමුවේයි.

එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කරමින් අන්තර්ජාලය නාලිකාවකට ආන්දෝලනාත්මක අදහස් රැසක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට රට පුරා ඖෂධ හිඟයක් නිර්මාණය වීම සම්බන්ධයෙන් අදහස් දක්වා චරිත හේරත් මහතා අවධාරණය කර ඇත්තේ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් තිබියදීත් එය පැහැර හැර තිබෙන්නේ කොමිස් මුදල් අපේක්ෂාවෙන් ක්‍රියා කරන පුද්ගලයින් කිහිපදෙනෙකු බව මේ වනවිට අනාවරණය වී ඇති බවයි.

රෝහල් තුළ ඇති ඖෂධ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත පද්ධතියක් සකස් කිරීමට රුපියල් මිලියන 500ක් මුදලක් වැය කර ඇති බවත් මේ වන විටද සෑම මසකදීම රුපියල් ලක්ෂ 50 බැගින් වැය කරමින් සිටින බවත් මෙම සාකච්ඡාවේදී හෙළිව තිබෙනවා.

එසේ සිදු කළද රෝහල් වල ඇති ඖෂධ පිළිබඳ නිවැරදි දත්ත මෙතෙක් ලබා ගත නොහැකි බව ද මහාචාර්ය චරිත හේරත් මහතා හෙළිකර තිබීම විශේෂත්වයක්.

රුපියල අව ප්‍රමාණය වීම කෘතිමව පාලනය කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මැදිහත් වීමක් ද සිදුව ඇති අක්‍රමිකතාවක් පිළිබඳව ද කෝප් කමිටු සභාපති පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය හේරත් මහතා මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා.

රට බරපතල ආර්ථික අර්බුදයකට ඇද දැමීම සම්බන්ධයෙන් 2008 වසරේ සිට මූල්‍ය විෂය සම්බන්ධයෙන් වගකීම් දැරූ මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශය ලේකම් වරුන් ප්‍රශ්න කිරීමටත් වගකිවයුත්තන් රටට හෙළි කිරීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ විශේෂ කමිටුවක් ස්ථාපිත කරන බව ද මහාචාර්යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මීට අමතරව බැදුම්කර ‌හොරා යැයි පොහොට්ටුවම කී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය දුනනේ තමන් නොව ජනාධිපතිවරයා බවද ඒ මහතා එහිදී සදහන් කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka