ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤවීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු 21 ක් හැවිරිදි පරිගණක තාක්ෂණ ශිල්පියෙකි
ඉකුත් දහවෙනිදා තෙන්නකෝන් මහතා කොළඹ 2 පෙරහර මාවතේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වීය
ඒ සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය