රනිල් කරනකල් ඉවසන්න – වජිර කියයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති වජිර අබේවර්ධන පවසනවා.
මේ වෙලාවෙි දේශපාලන පක්ෂ මෙන්ම රටේ ජනතාවද අග්‍රාමාත්‍යවරයා ගෙනයන වැඩපිළිවෙලට සහයෝගය දැක්විය යුතු අතර කලබල නොවී ඉවසීමෙන් ක්‍රියා කළොත් ඉක්මනින්ම ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවන බව ද අබෙිවර්ධන මහතා කීය.
ජුනි මාසය අවසන් වන විට අයි.එම්.එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹීමට හැකිවනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇතැයි ද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රනිල් කරනකල් ඉවසන්න – වජිර කියයි
2022-06-13T17:56:00+05:30
Gossip Lanka Hot News






