බණ්ඩක්කා අමුවෙන් කාපු ඇමති (VIDEO)
මාතර , වැලිගම ප්‍රාදේශිය සභාව මගින් ක්‍රියාත්මක “කෘෂි නවෝදය” වැඩසටහන යටතේ බීජ සහ පොහොර නොමිලේ බෙදා දෙන වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13දා) වැලිගම ප්‍රාදේශිය සභාවේදී පැවැත්වුණි.
එහිදී වැලිගම ප‍්‍රදේශිය සභාව මගින් කි‍්‍රයාත්මක කරන කාබනික පොහොර මධ්‍යස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බණ්ඩක්කා කරලක් අමුවෙන් ආහාරයට ගැනීමට කටයුතු කළේය.
අමාත්‍යවරයා එය සිදුකිරීමේ අරමුණ වූයේ වගාවේ ගුණාත්මකභාවය නිරික්ෂණය කිරිමයි.
බණ්ඩක්කා අමුවෙන් කාපු ඇමති (VIDEO)
2022-06-13T21:01:00+05:30
Gossip Lanka Hot News






