අලුත්ම කොරෝනා ප්‍රබේදය ලෝකය පුරා පැතිරෙන්න පටන් ගනී! දැනටමත් රටවල් 63කින් මතුවෙලා!
ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටිනවා.
නව කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදය මේ වනවිට රටවල් 63කින් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
BA5 නැමැති එම කොවිඩ් වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වන බවත් මෙය ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙස ද සැලකෙන බවයි මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර සිටින්නේ.
කෙසේ නමුත් මේ වනවිට එම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
අලුත්ම කොරෝනා ප්‍රබේදය ලෝකය පුරා පැතිරෙන්න පටන් ගනී! දැනටමත් රටවල් 63කින් මතුවෙලා!
2022-06-27T14:24:00+05:30
Gossip Lanka Hot News






