gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේදාසගේ 22ට ජනාධිපතිවරයා තවත් අලුත් සංශෝධනයක් අද කැබිනට් එකට අරන් එන්න ලෑස්ති වෙයි!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා පසුගිය සතියේ දී කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ වුවද, ජනාාධිපතිවරයා විසින් ඊට තවත් සංශෝධනයක් අද දිනයේදී එක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම සංශෝධනයද ඇතුත් කොට අද දිනයේ ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවනු ඇති බව දැනගන්නට ඇත.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති නවතම සංශෝධනයෙන් කියවෙන්නේ ව්‍යවස්ථායක සභාව පිළිබදවය.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව සදහා අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පත් කරන නියෝජිතයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඔහුගේ සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ව්‍යවස්ථාදායක සභාව සදහා නියෝජිතයන් පත් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂනායකවරයාට තිබෙන බලය ජනාධිපතිවරයා විසින් සීමා කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.

ඉකුත් සදුදා කැබිනට් මණ්ඩලයේදී සම්මත කෙරුණු 22 වන සංශෝධනයේදී අගමැතිවරයා අවශ්‍ය අවස්ථාවක ඉවත් කිරීම, අමාත්‍යංශ දැරීම, අමාත්‍යංශ පවරා ගැනීම ආදී බලතල ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට පියවර ගෙන තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka