gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අර්බුද මැද කෘෂිකර්මයට කෝටි ගණනක ටැබ් යන්ත්‍ර ගෙන්වයි!

රටේ ආර්ථික අර්බුදය උත්සන්න වෙද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයට ටැබ් යන්ත්‍ර 7,000ක් මිල දී ගැනීම සඳහා පුවත්පත් දැන්වීමක් මගින් මිල ගණන් කැඳවා තිබේ.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙරේදා (15) කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය කිසිසේත්ම ප්‍රයෝජනවත් දෙයක් නොවන බවයි.

ටැබ් යන්ත්‍ර මිල දී ගැනීම සඳහා වැය කිරීමට නියමිත සම්පූර්ණ මුදල රුපිියල් කෝටි 05කි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ද මුදල් නාස්තිකරන ආයතන බවට පත්ව ඇතැයි ද පර්යේෂණ සහ නිෂ්පාදන සහකාරවරුන් 10,000ක් පමණ සිටිය ද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ආගාධයට ම ගොස් ඇතැයි ඔහු පෙන්වාදුන්නේය.

ඔහු මෙහි දී උදාහරණයක් ගනිමින් පෙන්වා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බිදුණුවැව ගොවිපොළේ අක්කර 30ක් ඇතත් එහි ඇතිකරන්නේ කුකුළන් 29ක් පමණක් බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka