gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සජිත්ට හොරෙන් සමගියේ පිරිසක් අගමැතිකම ගන්න සාකච්ඡා කරලා! චම්පිකට ආරාධනා නෑ!

සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් අගමැති ධූරය ගැනීමට සාකච්ඡා පැවැත්වූ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෙළිදරව්ව කළා. ඒවා ඉදිරියේදී අනාවරණය වන බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය ප්‍රායෝගික ක්‍රියාදාමයකට ආවේ අවසන් මොහොතේදී බවත් කියා සිටියා.

ඒ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දීමට තීරණය කර අවසන් බවත් එසේ වුවද සමගි ජනබලවේගයට දොස් කිව නොහැකි බවත් පෙන්වා දුන්නා.

ආණ්ඩුවත් බැලුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර විදියෙ වැඩක් මිස පක්ෂ සමග තමන්ගෙන් කැඩී ගිය ස්වාධීන වූ මන්ත්‍රීවරු සමග විවෘත සාකච්ඡාවක් කර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නොවන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දෙන්නේ නියම වෙලාවෙදි සියල්ලම සලකා බලා තීරණයක් නොගැනීම විපක්ෂයත්, සමගි ජන බලවේගයත් කළ වරදක් බවයි.

සජිත් ප්‍රේමදාම මහතාට අගමැතිධූරයට ආරාධනා ආවද තමන්ට අගමැති ධූරයට ආරාධනා නොලැබුණු බවත් තමන් සැලුන් දොර ව්‍යාපෘතිවලට සම්බන්ධ නොවන බවත් චම්පික මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka