gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“ආණ්ඩුව මාව ඇන්දුවා” – සජිත් දුකෙන්! රන්ජන්ගෙන් විශේෂ පණිවිඩය ප්‍රසිද්ධ කරයි

නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රංජන් රාමනායකට නිදහස ලබා දෙන බවට ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රකාශ කළ දේ සහමුලින්ම ඇන්දවීමක් සහ රැවටීමක් පමණක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.

රන්ජන් රාමනායක මහතාට සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමඟ වඩාත් ඵලදායි ලෙසත්, අර්ථවත් ලෙස රටට සේවය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදක් බැලීමට පෙරේදා (15) වැලිකඩ සිර මැදිරියට පැමිණීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

රටේ පවතින බරපතළ අර්බුදය පිළිබඳව සතිපතා එක එක කතා කියනවා හැරුණු කොට රට ගොඩනැගීමට නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා, හැබැයි ආණ්ඩුව භාර ගන්නා විට නම් ප්‍රකාශ කළේ පැය විසිහතරෙන් ප්‍රශ්න විසඳන බව යැයිද සිහිපත් කළා.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ විග්‍රහයන් නොවන බව පැවසූ ප්‍රේමදාස මහතා ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රශ්න විසඳ හා රට ගොඩනැගීම බවද කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka