අමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට නඩු පවරයි!
ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ අමෙරිකානු බැංකුවක් තම මුදල් සහ අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා මෑන්හැටන් හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ හැමිල්ටන් රිසව් බෑන්ක් සමාගම තමන් ආයෝජනය කළ ඩොලර් මිලියන 257.5 සහ ඊට අදාළ පොලීය ගෙවන ලෙස ඉල්ලා එම නඩුව පවරා ඇතැයි වාර්තා විය.
ශ්‍රී ලංකාව නිකුත්කළ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරය ලබන මස 25 වනදා කල් පිරෙයි.
එම අමෙරිකානු බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා ගෙවීම් පැහැර ඇති බවය.
අමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට නඩු පවරයි!
2022-06-22T11:36:00+05:30
Gossip Lanka Hot News





