හිරුණිකා රනිල්ගේ ගේ වටලයි! රාජපක්ෂගේ ඩීල්කාරයාට ගෙදර යන්න කියයි! (VIDEO)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වේ.
විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ද වාර්තා වේ.
කෙසේවෙතත් මේ වනවිට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් තස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම අරගල භූමියේ සිටින පිරිස ද බැංකු මාවත අවහිර කරමින් විරෝධතාවයක නියැලේ.
හිරුණිකා රනිල්ගේ ගේ වටලයි! රාජපක්ෂගේ ඩීල්කාරයාට ගෙදර යන්න කියයි! (VIDEO)
2022-06-22T10:52:00+05:30
Gossip Lanka Hot News





