ජනාධිපතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතුයි - පොහොට්ටුව යෝජනාවක් සම්මත කරයි
සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ ලබා දෙමින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
පක්‍ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් එම යෝජනාව සම්මත වී ඇත.
යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් සභාපතිවරයාට භාරදීමෙන් පසු විරුද්ධ අදහස් ඉදිරිපත් වීම මත ඡන්දෙ විමසීමකින් පසු එය සම්මත කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් එම යෝජනාවට පක්ෂව සහයෝගය ලබා දී ඇත.
ජනාධිපතිත් ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතුයි - පොහොට්ටුව යෝජනාවක් සම්මත කරයි
2022-06-22T14:53:00+05:30
Gossip Lanka Hot News





