gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සර්වඥධාතු තැන්පත් කිරීමට TNA පිරිසක් විරෝධතා! උත්සව නවතයි!

මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සර්වඥ ධාතු තැන්පත් කිරීම ඊයේ (12) පස්වරුවේ යෙදී තිබුනද පැවති විරෝධතාවක් හේතුවෙන් ධාතු තුන්පත් කිරීම තාවකාලිකව කල්දැමීමට සිදු වූ බව කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන් පැවසීය.

බුද්ධශාසන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ සහ ශ්‍රීලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය සහ තාක්ෂණික දායකත්වයෙන් බෞද්ධාලෝක පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ ශ්‍රම දායකත්වයෙන් සංරක්ෂණය කෙරුනු චෛත්‍යරාජයානන් වහන්සේගේ සධාතුක කරුඩු තැන්පත් කිරීම ශ්‍රී බුද්ධවර්ෂ 2566 ක් වූ පොසොන් මස ඊයේ දින  පස්වරු 2 . 05 ට නියමිතව තිබුණි.

දෙමළ ජාතික සන්ධානයේ සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඊයේ දින කුරුන්දි විහාරයේ සංරක්ෂණය කෙරුණු චෛත්‍ය ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කොට තිබීම හේතුවෙන් සර්වඥ ධාතු තැන්පත් කිරීම කල්දැමීමට පියවර ගෙන තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් එහිදී පවසා සිටියේ .

‘කුරුදුමලෙයි විහාර භූමිය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණය මගින් නඩු නියෝගයක් ලබා දී ඇති හෙයින් එම අධිකරණ නියෝගය කඩකරමින් අලුතින් ගොඩනැගිලි ඉදිකිරීමට ආරක්ෂක අංශ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පියවර ගන්නා බැවින් වහාම අදාල ඉදිකිරීම් නවතා දමන ලෙසටය.

මේ පිළිබඳව අදහස් පලකර සිටි කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගම්වේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ.

‘අධිකරණ නියෝගයේ තියෙන්නේ පැහැදිලිවම පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් කිසිදු බාධාවක නොවිය යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරගෙන යන සංරක්ෂණ කටයුතු ඇතුලු පුරාවිද්‍යාත්මක කටයුතු සිදුකිරීමේදී ප්‍රදේශයේ පිහිටි ආයතන දැනුවත් කොට සිදුකල යුතු බවටත් එවැනි කටයුතු සිදුකිරීමේදී මහජනතාවට බාධාවක් හෝ ගැටුමක් සිදුනොවන ආකාරයටට කටයුතු කරන්න කියලයි.

මේ නිසා ඊයේ දින කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙලා තියෙනවා කියල සැකයක් තියෙන්නේ. ධාතු තුන්පත් කිරීමේ අවස්ථාවට ත්‍රයිනිකායික සංගයා වහන්සේ ඊයේ දින මෙම ප්‍රදේශයට වැඩම කරා. ඒ වගේම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා ඇතුලු නිලධාරීන්ද මෙම පූජා භූමියට පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීම සිදුවුනා. එහිදී පුරාවිදයා අධ්‍යක්ෂක ජනරා විසින් මුලතිව් දිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අදාල විරෝධතාකරුවන්ගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් සිදුකිරීමට එකඟවී තිබෙනවා. ඉන්අනතුරුව පසු දිනක තමයි මෙහි නැවත සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සිදුවන්නේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka