ව්‍යාපාරිකයන් හා අතරමැදියන් ළඟ සඟවා තබාගෙන සිටින වී තොග වෙළඳපොළට නිකුත් කරන තෙක් සහල් මිල පාලනය කළ නොහැකි බව කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති යූ.කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 40000 ක් ඇතත් පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියෙකු සතුව වී මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් ඇති බවයි.
එනම් වී අලෙවි මණ්ඩලයට වඩා වැඩි ප්‍රමාණයක් තනි පුද්ගලයෙකු සතුව ඇති බවත් එම වී තොල සඟවා ඇති බවත් හෙතෙම පැවසීය.
රටේ සහල් අර්බුදයක් ඇති වෙලාවක වී තොග සඟවා ගැනීම වරදක් බව ද හෙතෙම කියා සිටියේය.
ඒ ආකාරයේ කිහිපදෙනෙකුම පොළොන්නරුව ප්‍රදේශයේ විශාල වී තොග සඟවාගෙන සිටින බවද හෙතෙම පැවසීය.
