gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යළිත් ඉන්ධන මිල ඉහළ දමන බවට අගමැති ඉඟි කරයි

නැවත වරක් ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (ජූනි 22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

රුසියානු යුක්‍රේන යුද්ධය හමුවේ මෙම මිල වැඩි වීම අනෙකුත් රටවලට ද බලපාන බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“අපි බලන්නේ තෙල් ලබා ගෙන ක්‍රියාත්මක කරන්න. අපි බලන්නේ තෙල් ලබලා දෙන්න රට ගෙන යන්නට. දැන් තෙල් මිල ආපහු වැඩි වෙන්නට ඕන. ගිය සතියේ රුසියාව යුරෝපයට ගෑස් දෙන එක නැවත්තුවා. ඒකෙන් ගෑස් මිල යි තෙල් මිල යි වැඩි වෙනවා. එංගලන්තයේ 30%කින් 40%කින් වැඩි වෙයි කියලා. එතකොට අපේ මිලියන 500 අපි යොදව ගන්න ඕන ඒක අපිට හැකි ප්‍රමාණයකට තෙල් ගේන්න. ඒක අපේ අතේ නෑ. ඒක ලෝකේ යුක්‍රේන යුද්ධය නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක්.”

මේ අතර, නව අයවැයෙන් රුපියල් බිලියන 200ක සහනාධාරයක් වෙන් කරන බව අග්‍රාමත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කර සිටියේ, ලෝක බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ පවතින අයෝජන හරහා ලැබුණු මුදල් යොදා ගෙන මාස දෙකක් සඳහා අවශ්‍ය ගෘහස්ථ ගෑස් මිල දී ගැනීමට මේ වන විට කටයුතු ආරම්භ කර අති බව ය.

මේ අතර, මෙරට ආර්ථික අර්බුදය සහ ඉදිරිදී ලබා දෙන සහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ ඉහළ පෙළේ නිලධාරීන් තිදෙනෙකු හෙට (ජූනි 23) දිවයිනට පැමිණෙන බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka