gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ඉහලම දුත පිරිසක් විශේෂ ගුවන් යානයකින් ලංකාවට! තව ණය දෙන්න පෙර තත්වය බලයි!

ශ‍්‍රී ලංකාවට තව දුරටත් ආර්ථික ආධාර ලබා දීමට පෙර ශ‍්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්‍ෂණය සඳහා ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙටදිනයේ මෙරටට පැමිනීමට නියමිතය.

දූත පිරිස පැය තුනක කාලයක් පමණක් මෙරට රැඳී සිටින අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


ශ‍්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හා ඉදිරි ණය වැඩසටහන් පිලිබද සාකච්චා කර එකගතාවයකට පැමිණීම සදහා එම පිරිස මෙසේ පැමිණෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට තෙල් මිලදී ගැනීම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් සකස් කිරීමට ඉන්දියාව මේ වන විට කටයුතු කරමින් සිටී.

පිරවුම්හල් අසල සැතපුම් ගණන් පෝලිම් ගැසී ඇති අතර මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයකට ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටී.

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka