විල්පත්තුව, කල්ලාරු ප්‍රදේශයේ කැලෑ එළි කර ජනාවාස සැකසූ ප්‍රදේශවල යළි ගස් සිටුවන ලෙසට අභියාචනාධිකරණය නිකුත් කර තිබෙන තීන්දුවට එරෙහිව රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබීය.
ඔහු ඉන් ඉල්ලා ඇත්තේ, අභියාචනාධිකරණය තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන තීන්දුව අවලංගු කරන ලෙස ය.
එම අභියාචන පෙත්සම සැප්තැම්බර් මස 05 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
විල්පත්තුව, කල්ලාරු රක්ෂිත කලාපයේ කැළෑ එළි කිරීම වෙනුවෙන් යළි ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කරනු ලැබ තිබිණි.
එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අභියාචනය බාධාවක් නොවන බව ත් මෙහිදී විනිසුරු මඩුල්ල සඳහන් කළේ ය.
