IMF එකේ අයට එයාලාගෙන් කරදරයි... ඒ නිසා 21 ක් අත්අඩංගුවට ගත්තා – පොලීසිය
අද (20) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළු වන සියලුම පිවිසුම් අවහිර කරමින් රාජ්‍ය සේවකයින්ට සහ පුරවැසියන්ට එම ස්ථානයට ඇතුළු වීමට බාධා කළ බවයි.
තවද, මෙම සිද්ධිය හේතුවෙන් මෙරටට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අතර අද පැවැත්වීමට නියමිතව සාකච්ඡාවටද බාධා එල්ලවූ බැවින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය නිවේදනය කරනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර බෞද්ධ භික්ෂුවක්, කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමින් 16 දෙනෙකු සිටින අතර ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසනවා.
-නිරෝෂ් මෛත්‍රි
IMF එකේ අයට එයාලාගෙන් කරදරයි... ඒ නිසා 21 ක් අත්අඩංගුවට ගත්තා – පොලීසිය
2022-06-20T14:40:00+05:30
Gossip Lanka Hot News





