විනාශකළ ආර්ථිකය ගැන අහන්න පී.බී.වයි කබ්රාල්වයි අද කෝප් එකට කැඳවයි!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම සඳහා හේතු වූ තීරණ ගත් බවට චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති ලේකම් ආර්චාය පී.බී ජයසුන්දර , හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් ,මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ,හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු නිලධාරීන් කිහිප දෙනක් අද දින පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබේ.
පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ මෙම නිලධාරීන් සිව් දෙනාට අමතර ව වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන්ද අද දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි. මෙම කාරක සභාව පස්වරු 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවත්වෙන අතර එහිදී ඔවුන්ගෙන් පසුගිය කාලය තුළ ඔවුන් විසින් ගන්නා ලද තීරණ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිතය.
ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදය ඇතුළු ආර්ථික තීරණ සඳහා මුල් වූ සහ බලපෑම් කළ නිලධාරීන් පිළිබඳව පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී ද අනාවරණය වූ අතර මෙම නිලධාරීන් මුදල් කරක සභාව හමුවට කැඳවිය යුතු බවට පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ ද යෝජනා කළේය
විනාශකළ ආර්ථිකය ගැන අහන්න පී.බී.වයි කබ්රාල්වයි අද කෝප් එකට කැඳවයි!
2022-06-08T12:13:00+05:30
Gossip Lanka Hot News






