gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බෑ කියල හරියන්නෑ... ජනාධිපති අස්විය යුතුමයි... අපි දින 60ක් අරගලයේ - අරගලකරුවන්ගෙන් නිවේදනයක්!

‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනයයි.

අසාර්ථක ජන පීඩක ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් ඉතිරිව නැත.

රටේ උද්ගතව ඇති දේශපාලන, ආර්ථික හා සමාජ අර්බුදය පිළිබඳ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නම් මෙරට ඉතිහාසයේ අසාර්ථකම ජනාධිපතිවරයා තමන්ට අසාර්ථක පාලකයෙකු ලෙස ධුරයෙන් ඉවත් විය නොහැකි බවත්, තමන් ඉතිරි ධුර කාලය බලයේ සිටින බවටත්, විදෙස් මාධ්‍යයක් වෙත සිදුකර ඇති අමනෝඥ සහ උද්දච්ච ප්‍රකාශය ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

අදට දින 60ක් ‘ගෝඨාගෝගම’ ගෝල්ෆේස් අරගල භූමිය මූලික කරගනිමින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සිදුකරන පොදු මහජන අරගලයේ මුඛ්‍ය පරමාර්ථය සහ මේ වනවිට පැන නැඟී ඇති ජාතික ආර්ථික ව්‍යසනය තවදුරටත් අවබෝධ කරගැනීමට ජනාධිපතිවරයා අපොහොසත් වීම කනගාටුවට කරුණකි. රාජපක්ෂ පවුල් පාලනයේ සහ ඔවුන්ගේ ගජමිතුරු ආර්ථික උපායමාර්ග හමුවේ අසාර්ථක බංකොළොත් රටක් බවට පත්වූ අප මාතෘ භූමිය මේ ඉරණමට ගොදුරු කිරීමේ ප්‍රධානතම චූදිතයා වර්තමාන ජනාධිපතිවරයා වන බව අපගේ මෙන්ම රටේ අති බහුතර ජනතාවගේ ජන මතයයි. එවන් ජන මතයක් හරහා ජනාධිපතිවරයාට තම ධුරය අත්හරින ලෙසට ආරම්භ වී ඇති පොදුජන අරගලය හෑල්ලුවට ලක්කරමින්, බංකරයකට වී මිලිටරි ආරක්ෂාව යටතේ සැඟවී සිටින අතරතුර නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විටින් විට සිදුකරන මෙවැනි උඩඟු ප්‍රකාශ මගින් ජනතාවගේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා මානසික පීඩනය තවදුරටත් තීව්‍ර කිරීමට ඍජුව හේතු පාදක වේ.

මන්දයත් ප්‍රජාතන්ත්‍රවාදීව තමන් තෝරා පත් කරගත් ජනතාවගේ ජන මතයට සවන් දීමට අපොහොසත්ව ඇති ජනාධිපතිවරයා, මේ වනවිට පැහැදිලිවම කල් ඉකුත් වී ඇති 69 ලක්ෂයක ජනවරමක් ගැන පවසමින් බලහත්කාරයෙන් හා වංචනිකව ධුරයේ එල්ලී සිටීමට දරන මේ අශිෂ්ට උත්සාහය කිසිසේත් ජන සම්මත ක්‍රියාවක් ලෙස අපට අනුමත කළ නොහැක.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත් කිරීම සහ 21 වන ඊනියා කපුටු ව්‍යවස්ථා සංශෝධනය වැනි බැසිල් රාජපක්ෂගේ දේශපාලන සටකපටකම් සහ ඩීල් හරහා කල්මරමින්, පීඩිත ජන මනස වෙනතකට යොමු කරමින් රාජපක්ෂ නඩය ගෙනයන මේ ගඳගසන නරි නාටක පිළිබඳ අපි ඉතා විමසිලිමත්ව බලා සිටිමු. එම ආත්මාර්ථකාමී පටු දේශපාලන විගඩම් රටට හෝ රටේ ජනතාවට කිසිදු ජයග්‍රහණයක් අත්පත් කරදීම වෙනුවෙන් නොව හුදු රාජපක්ෂ පවුලේ හා ඔවුන්ගේ හෙංචයියන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිදුකරන ත්‍රාඩ මෙහෙයුම් බවද සක්සුදක් සේ පැහැදිලිය.

එනිසා තවදුරටත් බංකරයක සැඟව පීඩාවට පත්ව සිටින ජනතාවට විහිළු සපයන්නකු නොවී වහා ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන ලෙස නැවතත් ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි ජනාධිපතිවරයාට දන්වා සිටිමු . එදා හමුදා නිලධාරියෙකු ලෙස සිටියදී රටේ යුදමය තත්ත්වයක් පැවැතියදී පවා තම පෞද්ගලික ආරක්ෂාව හා සුඛ විහරණය වෙනුවෙන් යුද සේවය සහ මව්රට අත්හැර ගිය වත්මන් ජනාධිපතිවරයාට ඔහුගේ ධුරයෙන් ඉවත් වී නැවත විදේශගත වීම අලුත් දෙයක් නොවන අතර, එසේ නොයන්නේ නම් එය හුදෙක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී, බලලෝභය සහ රාජපක්ෂ කල්ලියේ දේශපාලන උවමනාව මත සිදුවන්නක් බව අපගේ විශ්වාසයයි. ඔහු තවදුරටත් ධුරයේ කටයුතු කිරීම රටට හානියක් මෙන්ම අනවශ්‍ය වැය බරක් පමණක් බව පසුගිය වසර දෙකක පමණ පාලන කාලයේ අත්දැකීම් හරහා මනාව පැහැදිලි වන කරුණකි. එනිසා තම පෞද්ගලික උවමනාවන් නොව රටේ සුවහසක් ජනයාගේ පොදු යහපත වෙනුවෙන් මේ මොහොතේ ස්ථාවර රාජ්‍ය පාලනයක් බිහි කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය පසුබිම නිර්මාණය කරමින් ඔහු ඉවත්ව යෑම රටේ බහුතර අපේක්ෂාවයි.

තවද රටේ ජනතාවගේ එම ජන මතයට එරෙහිව යමින් එසේ ඉවත්ව යෑමට ජනාධිපතිවරයා අපොහොසත් වන්නේ නම් ඔහු ධුරයෙන් ඉවත්ව යනතුරු අඛණ්ඩව අප විසින් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතා සහ බලගැන්වීම් තවදුරටත් සමස්ත ජනතාව සමග එක්ව එක මිටට ප්‍රබලව හා පුළුල්ව දියත් කිරීමට ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස අපි සූදානම් බවද දන්වා සිටිමු. ජනතාවට ජීවත්වීමට පවා විකල්ප අහිමි කළ මහජන විශ්වාසය අහිමි නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත්වීම හැර රට ගොඩගැනීම වෙනුවෙන් කළ හැකි වෙනත් කිසිදු විකල්පයක් මේ මොහොතේ ඉතිරිව නොමැති බවද ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ ලෙස නැවත නැවතත් අපි අවධාරණය කරමු.

– සර්වපාක්ෂික අරගලකරුවෝ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka