වත්මන් මූල්‍ය අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැයෙන් යෝජනා කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසකට මුදල් ලබාදීම වෙනස් කිරීමට හෝ සම්පූර්ණයෙන් නැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.
සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කෙරෙන ප්‍රාග්ධන අරමුදල් රජයේ පුනරාවර්තන වියදම් සහ සුබසාධන වැඩසටහන් සඳහා යොමු කිරීමට අග්‍රාමාත්‍ය හා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
“වෙළඳපොල ස්ථායීතාවය පවත්වා ගැනීම, මහජන සුබසාධනය පවත්වාගෙන යාම සහ රාජ්‍ය සේවකයින්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සහ ඩොලර් අර්බුදයෙන් පසු අත්‍යාවශ්‍ය සහ නොවැළැක්විය හැකි රජයේ වියදම් සඳහා මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව” අමාත්‍ය ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ සඳහා 2021 අංක 30 දරන විසර්ජන පනත වෙනුවට සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව ඔහු සඳහන් කළේය.
