ආණ්ඩු බලය හොබවද්දී රනිල් වික්‍රමසිංහ මහතා වටා සිටින ඔහුගේ අතිසමීප හිතවතුන් කණ්ඩායම මේ වනවිට නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු සමීපයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව දශක ගණනාවක් තිස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශක වශයෙන් කටයුතු කළ ආර්. පාස්කරලිංගම් මහතා වික්‍රමසිංහ මහතා යළි අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසු මේ වනවිට නැවත වතාවක් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ලංකාවට පැමිණ ඇත.
එසේ පැමිණි ඒ මහතා හට වික්‍රමසිංහ මහතා ආර්ථිකය සම්බන්ධ කටයුතු බාර දී අරලිය ගහ මන්දිරයේ එක් කාමරයත් මේ වනවිටත් වෙන්කොට ඇති බව දැනගන්නට ඇත.
92 වියැති පාස්කරලිංගම් මහතා ඉකුත් යහපාලන රජය සමයේද වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ලැබීය.
පාස්කරලිංගම් මහතා ඉකුත් 1977-94 දහහත් වසරක එජාප ආණ්ඩු සමයේදී වික්‍රමසිංහ මහතා සමග රාජකාරී කොට 94 චන්ද්‍රිකා පාලන සමයේදී ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණ. ඒ වංචා දූෂණ චෝදනාවන් මත චන්ද්‍රිකා රජය විසින් නඩු පවරනු ඇති බවට වූ බිය හේතුකොටගෙනය.
ඉන් අනතුරුව පාස්කරලිංගම් මහතා යළි ලංකාවට පැමිණියේ 2001 එජාප ආණ්ඩුව බිහිකිරීමෙන් පසුවය. නැවත 2004 පරාජයෙන් පසු පාස්කරලිංගම් මහතා ලන්ඩනය බලා පිටත්ව ගියේය.
ඉන් අනතුරුව නැවත පාස්කරලිංගම් මහතා ලංකාවට පැමිණියේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවය. යළිත් හෙතෙම දින 52 කුමන්ත්‍රණ ආණ්ඩු සමයේ ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණ.
ඒ අනුව මේ වනවිට වික්‍රමසිංහ මහතා අගමැති ධූරය බාර ගැනීමත් සමග යළිත් වතාවක් ලංකාවට පැමිණ ඇති පාස්කරලිංගම් මහතා අරලිය ගහ මන්දිරයේ කාමරයක් තමන්ට වෙන්කරගෙන සිටින බවද ආරංචිය.
මීට අමතරව ඉකුත් යහපාලන සමයේ මහබැංකුවේ බැදුම්කර වංචාව සිදුවන විට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමරතුංග මහතා හටද මේ වනවිට අරලිය ගහ මන්දිරයේ කාමරයක් වෙන්වී ඇති බවක් දැනගන්නට ඇත.
එමෙන්ම කලක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසිංහ මහත්මිය හටද අරලිය ගහ මන්දිරයේ කාමරයක් වෙන්ව ඇති බව පැවසේ.
මේ සියල්ලන්ටම අමතරව වික්‍රමසිංහ මහතාගේ අතිසමීපතමයන් ලෙස සැලකෙන සාගල රත්නායක, වජිර අබේවර්ධන මහත්වරුන් හටද අරලිය ගහමන්දිරයේ කාමර වෙන්ව ඇත.
එසේම නිමල් ලන්සා මහතාටද පසුගිය දිනෙක එහි කාමරයක් වෙන් කෙරුණත් පසුව මාධ්‍ය මගින් එය හෙළිදරව් වීමත් සමග හෙතෙම මෙතෙක් එය බාරගෙන නැති බවක් දැනගන්නටතිබේ.
