පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර මේ වනවිට ස්වාධීනව සිටින ඩීලාන් පෙරේරා මහතා හා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතර වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.
ඒ, ඊයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති 21වන සංශෝධනය පිළිබද වූ සාකච්ජාවේදීය.
එහිදී ඩිලාන් පෙරේරා මහතා සාකච්ජාවේදී අගමැතිවරයා ආමන්ත්‍රණය කොට ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙනි.
නමුත් ඊට ප්‍රසිද්ධියේම විරෝධය පළ කොට ඇති දයාසිරි ජයසේකර මහතා පෙන්වා දී ඇත්තේ තමන් මෙම ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස පිළිනොගන්නා බවත්, මෙය සමගි ජන බලවේගයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු බිලිබාගෙන අටවාගත් ආණ්ඩුවක් බවත්ය.
ජයසේකර මහතා මෙසේ පවසන විට ඊට ආසන්න පුටුවක නිමල් සිරිපාලද සිල්වා මහතාද අසුන්ගෙන සිටින දැකගත හැකිවිය.
