අද (21) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
පොහොට්ටුව නියෝජනය කරමින් ඇමැති ධුර දරා මේ වන විට ස්වාධීන වී සිටින විමල් වීරවංශ සහ නිමල් ලන්සා යන මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාර එල්ලවන අයුරු දැකගත හැකි වුණා.
නිමල් ලන්සා මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාට සහාය දක්වන්නට හොර රහසේ කටයුතු කළ ආකාරය සඳහන් කරමින් විමල් වීරවංශ මහතා කතා කළ අතර, ටිරාන් අලස් මහතාට ඇමැති ධුරය ලබාදීම සිදුවූ ආකාරය පිළිබඳ නලින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද මෙහිදී එකිනෙකාට චෝදනා කරගනිමින් අදහස් දක්වනු ලැබුවා.
එම උණුසුම් වාද විවාදවල වීඩියෝ පහතින් නරඹන්න.
