gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුවයි ඇමැතිලයි බුදි! ඩඩ්ලිට පාඩම් උගන්වන්න නිපුණයි රත්නයි සහල් නිකුත් කිරීම නවතයි! මිනිස්සුන්ට හාල් නැතිවෙන දිනය අතළඟයි! (VIDEO)

කොළඹ රාමාඩා හෝටලයේ පෙරේදා (18) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වූ ඩඩ්ලි සිරිසේන මහතා විසින් සහල් වලට පාලන මිලක් නියම කළේය. මෙහිදී ඔහු විසින් සඳහන් කළේ 19 දා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ටත්, සම්බා කිලෝවක් රුපියල් 230 ටත්, කීරී සම්බා කිලෝවක් රුපියල් 275 ටත් අලෙවි කළ යුතු බවය.

මෙහිදී විශේෂයෙන්ම ඔහු සඳහන් කලේ රජයේ පාලන මිලද නොතකමින් එක්තරා සහල් මෝල් හිමියෙකු තවමත් නාඩු විකුණන්නේ රුපියල් 270 ක් වැනි ඉහළ මිලකට බවයි. විශේෂයෙන්ම මෙහිදී ඔහු ප්‍රකාශ කලේ තමන් තරාතිරම නොබලා වැරදිකරුවන් සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ හෙළිදරව් කරනා බවත්, තමන් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නම් අනෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ද එම මිලටම සහල් අලෙවි කළ යුතු බවත් ය.

කෙසේවෙතත්, අද දින අපට අනාවරණය වූයේ ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහල් මෝල හැර අනෙකුත් මහාපරිමාණ සහල් නිෂ්පාදකයින් වූ රත්න සහල් සහ නිපුණ සහල් ඇතුලු සියලු දෙනාම රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරමින්, වෙළඳපොළ වෙත සහල් බෙදාහැරීම නවතා දමා ඇති බවයි.

මෙහිදී එක් සහල් මෝලක විදුලි ජනන යන්ත්‍ර සහ ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර හිතාමතාම අක්‍රිය කර ඇති අතර, අනෙක් සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් ප්‍රවාහනය සඳහා ඩීසල් නොමැති බව පවසමින් (දෛනිකව ඩිසල් ලීටර් 6600 බැගින් ඔවුන්ට සපයන පසුබිමක) සහල් බෙදාහැරීමෙන් ඉවත්ව ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka