මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව කෙරෙන නඩු විභාගවල දී සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටි තවත් පුද්ගලයෙක් ඊයේ සවස තංගල්ලේ දී ඝාතනය වී ඇත.
මෙම පුද්ගලයා තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේ දී ඝාතනයය වන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටීම නිසා සතියක් තුළ ඝාතනය වූ පස්වැනි පුද්ගලයා ලෙසය.
තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදි කැබ් රථයක ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කීවේය.
වෙඩි ප්‍රහාරය එල්ලවන මොහොතේ වාහනයේ 03 දෙනෙක් ගමන් කරමින් සිට ඇත. තුන්දෙනාටම වෙඩි වැදී තිබේ. එක් පුද්ගලයෙක් මියගොස් ඇත.
මහාපරිමාණ මත්කුඩු ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකරදීම සඳහා දියත් වී ඇති විමර්ශන කටයුතුවලදී රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී සිටින පුද්ගලයින් දිගින් දිගටම ඝාතනයට ලක්වන්නේ මෙම පරීක්ෂණ සම්බන්ධ රහසිගත තොරතුරු පොලිසිය තුළින්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත යන නිසාදැයි බරපතල සැකයක් විමර්ශන අංශවලට මතු වී තිබේ.
අහංගම පංචාලිය ප්‍රදේශයේ දී 04දා රාත්‍රියේ මරා දැමූ අසුන් චාමර නැමැති පුද්ගලයා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් වීමට සිටි පුද්ගලයෙක් බව වාරතා වේ.
මීට දින කීපයකට පෙර අලුත්ගමදී ඝාතනය වූ තැඹිලි ව්‍යාපාරිකයා 2020 දී බෝට්ටු මගින් රට තුළට ගෙනා මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධ නඩුවක රජයේ සාක්ෂිකාරයෙකි. එම මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් අධිකරණයට ඉදිරිපත් කර තවත් කොටසක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් විකුණාගෙන තිබුණු බවට කරුණු අනාවරණය වෙමින් තිබිණි.
එමෙන්ම පසුගිය දා පිටකොටුව බැස්ටියන් මාවතේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අසල කමාන්ඩෝ සෙබලෙක් වෙඩි තබා මරා දමන්නේ මෙම තැඹිලි ව්‍යාපාරිකයාගේ මස්සිනා යැයි සැක කර බවට කරුණු වාර්තා වී ඇත. තැඹිලි ව්‍යාපාරිකයාගේ මස්සිනා ද මෙම නඩුවේ රජයේ සාක්ෂි කරුවෙකි.
ඊයේ රාත්‍රියේ මරා දැමූ අසුන් චාමර නැමැති 26 හැවිරිදි තරුණයා ද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව සාක්ෂිකරුවෙක් ලෙස පෙනී සිටීමට සැරසී සිටි පුද්ගලයෙකි.
එක දිගට සිදුවන මේ ඝාතන සැලසුම් පසුපස පොලිසියට සම්බන්ධ පිරිස් ඉන්නවාදැයි තදබල සැකයක් මතු වී ඇති බව විමර්ශන අංශ කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා දියත්වී ඇති විමර්ශනවලට මේ තත්ත්වය ඉතාම අහිතකර ලෙස බලපානු ඇතිබවත් එම විමර්ශන අංශ පෙන්වා දෙයි.
- colomboxnews
