gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සජබ අද සවස ජනපති මන්දිරය වැටලීමට සැරසෙයි… කොළඹට දැඩි පොලිස් ආරක්ෂාව!

දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා අද (30) සවස ජනාධිපති මන්දිරය වටකිරීමට  සමගි ජන බලවේගය සූදානම් වේ. පවතින පීඩාකාරී පාලනයට එරෙහිව  කොළඹ ඇතුළු බස්නාහිර පළාත් ජනතාවට  කොටුව දුම්රියපල ඉදිරියට එක් රැස්වන ලෙස සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඊයේ (29) රටට විවෘත ආරාධනාවක් කළේය.

ඒ අනුව  “ ගෝඨා රනිල් සාපය අවසන්කරමු“ යන තේමාව යටතේ  අද සවස කොටුව දුම්රියපල ඉදිරිපිටට ජනතාව එක්රැස් කර දැවැන්ත විරෝධතාවයක් ප්‍රකාශ කිරීමට  සමගි ජනබලවේගය තීරණය කර ඇත.

කොටුව දුම්රියපල ඉදිරිපිට රැස්වී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පැවැත්වෙන ජන රැළියකින් පසු පිරිස ජනාධිපති මන්දිරය ඉදිරිපිට පා ගමනින් යෑමට සැලසුම් කර ඇති බව  ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම සැලසුම හෙලි වීමත් සමග කොටුවේ සිට ජනාධිපති මන්දිරය දක්වා  දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ස්ථාන ගණනාවක මාර්ග බාධක පිහිටුවා ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka