ඉන්ධන නෑ... කොළඹ වරාය අක‍්‍රිය වෙමින්… ප‍්‍රමුඛ නැවු සමාගම් ලංකාව අතහරිමින්!
පවතින ඉන්ධන අර්බුදය තවදුරටත් වර්ධනය වුවොත් වරායේ යන්ත්‍රසූත්‍ර ක්‍රියාකිරීමේදී ගැටලු මතුවිය හැකි බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.
එවන් තත්ත්වයකදී වරායේ කටයුතු කරගෙන යාමට බාධා විය හැකි බවත් එවිට රට තවදුරටත් බංකොලොත් තත්වයට පත්වීම වැළැක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
රටේ පවතින ඉන්ධන ගැටලුව, ඩොලර් නොමැතිකම සහ දේශපාලන අස්ථාවරත්වය නිසා ප්‍රමුඛ පෙළේ නැව් සමාගම් වල නැවු කොළඹ වරායට පැමිණීමේ අඩුවක් දක්නට ඇතැයි ද සංගමය කියා සිටී.
ඉන්ධන නෑ... කොළඹ වරාය අක‍්‍රිය වෙමින්… ප‍්‍රමුඛ නැවු සමාගම් ලංකාව අතහරිමින්!
2022-06-17T17:05:00+05:30
Gossip Lanka Hot News






