නිවාස ගිනි තැබීමෙන් යන එන මං නැතිව අවතැන් වූ බව කියා හිටපු අමාත්‍ය චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර තම දරුවන් දෙදෙනා කොළඹ විශාඛා විද්‍යාලයේ 1 වසරට ඇතුළත් කරගැනීම පිලිබඳව බරපතල විරෝධයක් ඇති වී තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ සියලු නිතී රෙගුලාසි උල්ලංඝණය කරමින් මේ ඇතුළත් කිරීම සිදු කර ඇති බවත් ලංකාවේ වැඩිම තරගකාරිත්වයක් සහිත ප්‍රධානම කාන්තා විද්‍යාලය ලෙස සැලකෙන විශාඛා විද්‍යාලයේ පළමු වසර සඳහා මෙවැනි බඳවා ගැනීමක් සිදුකිරීම ඉතාම වැරදි පූර්වාදර්ශයක් බවය.
1 වසරට සිසුන් ඇතුළත් කරගැනම අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණවලට යොමු කර විශේෂ නිර්ණායකයන් රැසකට යටත්ව සිදුකන ක්‍රියාවලියක් බව ඔහු පෙන්වා දෙයි.
තමන් මුහුණ දුන්නේ මානුෂික ගැටලුවකට වුවත් තමන් තාවකාලිකව පදිංචි වී ඇති ප්‍රදේශයට ආසන්න පාසලකට දරුවා ඇතුළත් කිරීමේ සාධාරණ අවස්ථාව මගහැර මානුෂික අවස්ථාවත් අවභාවිත කිරීමට තරම් මේ දේශපාලකයින් අශිෂ්ට වී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි.
