මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත් එම තනතුරේ පිහිටුවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.
අග්‍රමාත්‍යවරයා මෙතෙක් නන්දලාල් වීරසිංහ එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කර තිබූ අතර මහබංකු අධිපති ධුරය සඳහා ඔහු දිනේෂ් වීරක්කොඩිගේ නම යෝජනා කර තිබිණි.
එහෙත් එම යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබුණේ නැත. ඒ හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමතිවරයා ලෙස නන්දලාල් වීරසිංහගේ සේවයේ දිගුවට අද වනතුරුත් නිර්දේශය ලබා දී තිබුණේ නැත.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම හැසිරිමට ආණ්ඩුව තුළ බරපතල විරෝධයක් නිර්මාණය වූයේය. ආණ්ඩුවේ පොදු විරෝධය ලිඛිතව දන්වමින් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර පසුගියදා අගමැතිවරයාට දන්වා සිටියේ ආචාර්ය නන්දලාල් වීරසිංහ එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළහොත් බෙහෙවින්ම නරක ප්‍රතිවිපාක අත්විඳීමට අගමැතිවරයාට සිදුවනු ඇති බව දන්වමිනි.
කෙසේ වෙතත් වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ මස මුලදී මාධ්‍යයට පවසා තිබුනේ තමන් මෙම ධුරය භාර ගත්තේ මාස කිහිපයකින් ඉවත් වීමට නොව, ඊලඟ වසර 06 සඳහාත් එම වගකීම දැරීමට බවය.
