ලෝකය මේ ආණ්ඩුව පිළිගන්නේ නෑ... උදව් කරන්නෙත් නෑ... මේ ආණ්ඩුව වෙනස් කරනකම් රට ගොඩගන්නත් බෑ - මෛත්‍රි
වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
සීමිත කැබිනට් මණ්ඩලයකින් යුතු සර්ව පාක්ෂික රජයක් කෙටි කාලයක් සඳහා පිහිටුවීම මේ මොහොතේ පවතින විසඳුම බවයි ඔහු කියන්නේ.
එසේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවහොත් ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදව් කරනු ඇති බව මන්ත්‍රීවරයාගේ විශ්වාසය යි.
රජය කරන හොඳ වැඩවලට තම පක්ෂය සහය ලබාදෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා විදුලිබල පනතේ යම් යම් ගැටලු තිබූ හෙයින් තමා ඊට පක්ෂව ඡන්දය නොදුන් බවයි කියන්නේ.
ලෝකය මේ ආණ්ඩුව පිළිගන්නේ නෑ... උදව් කරන්නෙත් නෑ... මේ ආණ්ඩුව වෙනස් කරනකම් රට ගොඩගන්නත් බෑ - මෛත්‍රි
2022-06-13T10:59:00+05:30
Gossip Lanka Hot News





