gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිලගේ සුපිරි වාහන පාරට දාන එක තහනම් කළ යුතුයි – තෙල් ප්‍රශ්නෙට ගම්මන්පිලගෙන් විසදුමක්!

රටේ ඇති ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර නොගතහොත් ඉදිරියේදී මුළු රටම අකර්මණ්‍ය වීමට හැකි බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

“අර තෙල් පෝලිමේ දවස් ගණන් ලැගලා ඉන්න ජනතාවට තියෙන කෙටි කාලීන ප්‍රශ්නයට අපි මුලින්ම උත්තරේ දීලා ඉන්න ඕනෙ. මුලින්ම අපි ණයට හරි අවම අවශ්‍යතාව සපුරා ගන්න මට්ටමකට තෙල් ටික ගන්න ඕනෙ.

දෙවැනි එක තමයි, තියෙන තෙල් ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න තෙල් පරිභෝජනය අඩුකිරීම. ඉන්දියාවෙන් එන ආධාර භාරගන්න අපේ ඇමතිවරු යන්නේ තෙල් බොන දැවැන්ත කාර්වල, ජීප්වල. එහෙනම් නායකයො ආදර්ශය ලබාදීලා, සරල වාහනවලට යන්න ඕනෙ.

මුලින්ම 2000 CCට වැඩි වාහන පාරට දාන එක ආණ්ඩුව නිල වශයෙන් තහනම් කරන්න ඕනෙ. සතියට පැය 40යි නෙ වැඩ කරන්නෙ. 8 x 5 = 40 වෙනුවට 10 x 4 = 40 කරමු. සිකුරාදා දිනය නිවාඩු දිනයක් කරනවා.

එතකොට තෙල් වියදම අඩුවෙනවා. පාසැල්වලටත් ඒක කරන්න වෙයි. එක දවසක් පාසැලට එනවා, ඊළඟ දවසේ ඔන්ලයින්. එහෙම කරලා තියෙන තෙල් ටික කළමනාකරණය කරගත්තේ නැත්නම් මුළු රටම නතරවෙන්න ඉඩ තියෙනවා”

උදය ගම්මන්පිල මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවැති සම්මන්ත්‍රණයක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka