gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැසිල් සිරගත කල යුත්තේ රතන වැනි තක්කඩින්ට කන්න, බොන්න, ඉන්ධන දුන් නිසාය - මහින්ද පතිරණ

බැසිල් රජපක්‍ෂ සිරගත කල යුතු නම් ඒ අන් කිසිවක් නිසා නොව රතන වැනි තක්කඩින්ට කන්න ටික හා ගමනක් බිමනක් යෑමට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගැනීමට ඉන්දියාව එකඟ කරගෙන දැන් මාස ගාණක් තිස්සේ ඒ මත මුළු ලංකාව ම පවතින නිසා යයි ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ ඒ මහතා තබා ඇති සටහන මෙසේය.

රතන නම් භික්ෂුව විසින් බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු යැයි අද ප්‍රකාශ කර තිබුණි. බැසිල් එසේ කළ යුතු නම් ඒ අන් කිසිවක් නිසා නොව, රතන වැනි තක්කඩින්ට අද කන්න ටික හා ගමනක් බිමනක් යෑමට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගැනීමට ඉන්දියාව එකඟ කරගෙන දැන් මාස ගාණක් තිස්සේ ඒ මත මුළු ලංකාව ම පවතින නිසාය. රතනලා හැමදාම කළේ රූපවාහිනී තිරවලට හොඳින් ගැලපෙන මෙරට පහත් මනස් ඇත්තන්ට සුදුසු වාචාලකම් ඇදබෑම මිස අන් දෙයක් නම් නොවේ. රතන විසින් මෙටට කළ එක යහපතක් තිබේ ද? පසුගිය කාලයේ රතන නම් භික්ෂුවකගේ බිරිඳ බව කියන තැනැත්තියක සමග ඔහු රණ්ඩු කරගන්නා වීඩියෝවක නම් ඔහු මෙරටට කළ “සේවය” ගැන එකී කාන්තාව විසින් මහහඬින් කියනවා ඇසුණි. මේ අතර, බැසිල් රාජපක්ෂ මහතා සිරගත කරන්නට තවත් එක් හේතුවක් මම දනිමි. ඒ නම්, පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබා ගැනීම සඳහා ඔහු බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපස වැඳ වැටුණු අවස්ථාවෙි “අනේ හාමුදුරුවනේ සිවුරට අගෞරව කරන්න එපා” කියමින් ඔහු වහා ඉවතට පැනගත් එකටය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka