හැම තැනම හොයනවා... ජොන්ස්ටන් අතුරුදහන්! පොලිසිය කියයි
මැයි 9 වැනිදා ගෝල්ෆේස් පිටියේ හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක නිරත වූ විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායම් කිහිපයක් පිටත් කර හැරිය ද තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට නිළධාරින් සමත් වී නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලිස් කණ්ඩායම් හිටපු අමාත්‍යවරයා සිටින ස්ථානය සොයා ගැනීම සඳහා තවමත් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
ගාලුමුවදොර පිටියේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ඇතුළු සිව්දෙනෙකු නම් කරන බව නීතිපතිවරයා විසින් පසුගිය සතියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.
නාගරික අමාත්‍ය මහින්ද කහඳගම ජූනි 2 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවට පත් විය.
හැම තැනම හොයනවා... ජොන්ස්ටන් අතුරුදහන්! පොලිසිය කියයි
2022-06-07T08:20:00+05:30
Gossip Lanka Hot News






