gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චම්පික ස්වාධීන වෙයි! බලශක්ති අර්බුදය ගොඩයන්න සහාය දෙයි!

කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ස්වාධීන වීමට තීරණය කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් සිය ආධාරකරුවන් සමග නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී පෙරේදා (5දා) පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර ඇත.

ඇමැති ධුර භාර ගැනීමට අදහස් කර නැති බවත් ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීමට ලබන සතියේ රජයට යෝජනා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් රණවක මහතා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම බැංකු, ප්‍රවාහනය, ගෑස්, කෘෂිකර්මය, සෞඛ්‍ය හා ඖෂධ ආදී ක්ෂේත්‍රයන්ගේ පැනනැගී ඇති අර්බුද විසඳීමට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද රණවක මහතා එහිදී කියා ඇත.

රටේ මේ මොහොතේ පවතින්නේ අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එම ගැටලු විසඳීමට ද අසාමාන්‍ය යෝජනා ගෙන එන බවත් පාඨලී චම්පික රණවක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අනුරාධ හිරිපිටියගේ
– දිවයින


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka