gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එස්.එම් චන්ද්‍රසේනගේ රුපියල් කෝටි 70ක කාබනික පොහොර මගඩියක් හෙළිවෙයි!

කාබනික පොහොර වැඩ සටහන සඳහා අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි පවසමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු රුපියල් කෝටි 70ක මුදලක් හිටපු ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රෙස්න විසින් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව ඊයේ (05) සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

එම පුවත් පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නාමිනි විජේදාස විසින් වාර්තා කරනු ලැබ ඇති පරිදි එවකට ඉඩම් ඇමති එස්.එම් චන්ද්‍රසේන 2021 වසරේ ජූලි මාසයේදී රුපියල් කෝටි 70ක මුදලක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් යොදා ගන්නා බවට පවසා තිබිණි.

ඒ අනුව මෙලෙස නිපදවන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යංශයට අලෙවි කොට ඉන් ලැබෙන මුදල් යළි අයෝජනය කර පොහොර නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බවටද දක්වා ඇති එම කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

එලෙස මෙම ව්‍යාපෘතියට මුදල් වෙන් කරවාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා විසින් 2021 වර්ෂයේ ජුනි මාසයේදී කොමිෂන් සභාවේ අරමුදල් මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීම නීතියට පටහැනි බවට පෙන්වා දී තිබියදීය.

ඔහු මෙලෙස ලිඛිතව අදහස් දක්වා ඇති අතර එහිදී පෙන්වා දී ඇත්තේ කොමිෂන් සභා පනතතේ 53 වගන්තියට අනුව අරමුදල් යොදා ගතහැකි ආකාරය ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි. ඒ අනුව ව්‍යවස්ථානුකූලව කොමිසමට එම අරමුදලයේ මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ කොමිසම විසින් දරණ වියදම් පියවා ගැනීමට පමණක් බවද එම පුවත් සඳහන් කරයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලාභ උපයන ව්‍යාපාරවලට එහි අරමුල් නීතිමය බලයක් නොමැති බවත් පනතේ 44 කොටසේ කොමිසමට මුදල් අය කරගැනීමට හැකියාව පවතින ක්‍රියාවන් පිළිබඳවද පැහැදිලි කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

මේ අතර අදාළ කාබනික පොහොර නිපදවීමෙ කටයුතු විශාල වශයෙන් කොමිෂන් සභාවට අයත් නොවන භූමවල සිදුකර ඇති බවත් එයද කොමිෂන් සභා පනත පටහැනි බවද වාර්තාවේ.

අදාල යෝජනාව එවකට ඇමතිව සිටි එස්.එම් චන්ද්‍රසේන විසින් ඉදිරිපත් කර ඇති බවත් එහිදී මෙම කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘතිය උතුරුමැද පළාතෙන් 2021 මැයි මාසයේදී ආරම්භ වීමට යෝජනා කර ඇති බවත් වාර්තා වන බව එම පුවත් පත පෙන්වා දෙයි.

මෙම යෝජනාවට එවකට මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්ෂද සිය සහය ලබා දී ඇති බව 2021 ජූනි 07 වැනිදා මහින්ද රාජපක්ෂ උතුරුමැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක නියමු ව්‍යාපෘති 35ක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

-Lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka