අධිකරණයට බාර වූ ජොන්ස්ටන් ඇප මත නිදහස්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය විසින් නියෝග කර තිබිණි.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස අධිකරණය විසින් මන්ත‍්‍රීවරයාට නියෝග කර තිබුණි.
අධිකරණයට බාර වූ ජොන්ස්ටන් ඇප මත නිදහස්!
2022-06-09T19:59:00+05:30
Gossip Lanka Hot News





