gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි බල පනත සංශෝධන රහිතව සම්මතයි… කාරක සභා අවස්ථාවේ විපක්ෂයේ යෝජනාව විසිවෙයි!

විදුලි බල පනත සංශෝධනයට විපක්ෂය ඉදිරිපත් කළ  මෙගාවොට් 10ට අඩු මිලදී ගැනීම් සඳහා  පමණක් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකිරීමටත්, මෙගාවොට් 10ට වැඩි මිලදී ගැනීම් වෙනුවෙන් ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමටත් ගෙනා යෝජනාවත් කාරක සභා අවස්තාවේ දී අද ප්‍රතික්ෂේප වුනේය. 
යෝජනාවට විරුද්ධව ඡන්ද 115ක් ලැබුණු අතර  පක්ෂව ලැබුනේ ඡන්ද 51ක් පමණි. ඒ අනුව    විපක්ෂය ඉදිරි කළ යෝජනාව කාරක සභා අවස්ථාවේදී ප්‍රතික්ෂේප වුනේය.

විදුලිබල පනත සංශෝධන රහිතව සම්මත වුනේය.

ඒ අනුව තරගකාරී මිල ගණන් යටතේ විදුලිය මිල දී ගැනීමක් ඉදිරියේ දී සිදු නොවනු ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට  රටේ දැවැන්ත විදුලි වර්ජනයක් ඇති වූයේ   “විදුලිය මිලදී ගැනීමේ දි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීම අවධාරණය කරන වගන්ති ඉවත් කර  එය  සම්මත කරගැනිමට එරෙහිවය.

ඊයේ වර්ජනය ආරම්භ වුණු පසු  ජනාධිපතිවරයා වෘත්තීය සමිති වෙත දන්වා සිටියේ වර්ජනය අත්හරින ලෙසත්  කාරක සභා අවස්ථාවේ දී අදාල පනත සඳහා සංශෝධන ගෙන එන බවත්ය එහෙත් එය සිදුවූයේ නැත.

මේ වනවිට දින 14ක් යන තුරු විදුලි වර්ජනයක් නොවීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබේ. ජනාධිපතිවරයා විසින් ඊයේ නික්තු කළ විශේෂ ගැසට් නිවේදනයකින්  විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka