"කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ" - මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අද දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට පැමිණ තිබෙනවා.
එහිදී දෙදෙනා සුහද සාකච්ඡාවක නිරතවී ඇති අතර වැඩි වශයෙන් අවධානයට යොමු වී ඇත්තේ පසුගිය සතියේ දී ආන්දෝලනාත්මක සිදුවීමක් වූ රුසියානු ගුවන් යානාව පිළිබද ගැටලුවයි.
ඒ පිළිබඳව හිටපු ජනාධිපතිතුමන් සහ රුසියානු තානාපති තුමන් අදහස් හුවමාරු කරගෙන ඇති අතර,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත ලබාදුන් ලිපිය ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මගින් රුසියානු ජනාධිපතිවරයා වෙත යොමු කළ බව එහිදී තානාපතිවරයා සනාථ කළේය.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති වරයා එහිදී හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ රුසියාව නැවතත් සිය ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමඟ ආරම්භ කිරීමට කැමැත්තෙන් පසුවන බවය.
කෙසේවෙතත් එයට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බවද පවසා තිබේ.
ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද පවසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකයට රුසියාවේ සහයෝගය ලබා දෙන ලෙස ද හිටපු ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
එයට ද තානාපතිවරයා සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙක් සහ රුසියානු ජනාධිපති වරයෙක් ඉතා සමීපව ම ඇසුරු කළ යුගය බවට හිටපු ජනාධිපති තුමාගේ යුගය බවද රුසියානු තානාපති තුමා මෙහිදී අවධාරණය කර ඇත.
"කයිය නොගැහැව්වට මෛත්‍රීට නම් ජාත්‍යන්තරයේ පිළිගැනීමක් තියෙනවා වගේ" - මෛත්‍රීගේ ලියුමට පුටින් හැරෙන තැපෑලෙන් උත්තර එවයි
2022-06-09T17:27:00+05:30
Gossip Lanka Hot News





