ඉතිරි කැබිනට් අමාත්‍ය ධූර සහ රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීම 21 වන සංශෝධනය සම්මත කරගන්නා තෙක් කල් දැමීමට අගමැතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේදී අගමැතිවරයා මුණ ගැසී ඇති ආණ්ඩුවේ පිරිසක් මෙම ඇමැතිකම් පිළිබද විමසද්දී අගමැතිවරයා දැනුම් දී ඇත්තේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන තෙක් එය කල්දැමීමට තීීරණය වී ඇති බවකි.
ඒ අනුව 21 වන ව්‍යවස්ථාවට සහය දෙන මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධූර පිරිනැමීමමේදී වැඩි සැලකිල්ලක් දැක්වීමට ඉඩ ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
