දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය මාර්තු මස 31 වැනිදා සිට පසුගිය මැයි මස 15 වැනිදා දක්වා වූ කාලයේදී සිදුවූ ගිනිතැබීම්, කොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ පරික්ෂණ කොමිෂන් සභාව කිසිදු පලක් නැති එකක් බවත්, තමන් ඊට විරෝධය පළ කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කීය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ 1978 ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ සිටම මේ ආකාරයේ කොමිසම් පත් කළද ඉන් රටට කිසිදු පළප්‍රයෝජනයක් අත්ව නැති බවකි.
සාමාන්‍යයෙන් මෙවැනි ජනාධිපති කොමිසම් පත්කරන්නේ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දීමට නොව ප්‍රශ්නය යට ගැසීමට යැයි කී ඒ මහතා රටේ මහජන නියෝජිතයෙක් ලෙස තමන්ට එය පිළිගත නොහැකි බවද කියා සිටියේය.
මෙවැනි ජනාධිපති කොමිසම්වලට පදනමක්, මහජන විශ්වාසයක්, අරමුණක් නැති බව කී තෙන්නකෝන් මහතා එය පවතින තත්ත්වය ව්‍යාකූල කරන්නක් බවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මීට පෙර මේ ආකාරයටම පැන්ඩෝරා පත්‍රිකා පිළිබද සොයා බැලීමටත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමටත්, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබැලීමටත් කොමිසම් පත් කළ නමුදු ඉන් රටට කිසිදු පළක් නොවුණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙවැනි ක්‍රමවේදයන් යල් පැන ගිය දෑ බව කී තෙන්නකෝන් මහතා ඉදිරියේදී ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිවරයකුට ජනාධිපති කොමිසම් පත් කිරීමට ඇති අයිතිය ඉවත් කළ යුතු බවද කියා සිටියේය.
