gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වාට රෝහලේ First Class Room එකක්! "අපිට කරන්න දෙයක් නෑ" – බන්ධනාගාර කොමසාරිස්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව අත්අඩංගුවට ගත් දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ පළමු පන්තියේ කාමරයකට මාරු කර තිබේ.

ඔහුට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවමින් පෙරේදා (31) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. එසේම ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.

ඉන්පසු පසුදින (01) දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වන 18 වාට්ටුවට ඇතුළත් වී තිබුණේ අසනීප තත්ත්වයක් බව පවසමිනි. එහෙත් ඔහුට ඊයේ (01) දිනය පුරා පීසීආර් පරීක්ෂණයක්, පපුවේ එක්ස්රේ පරීක්ෂණයක් හැර වෙනත් කිසිදු ප්‍රතිකාරයක් කර නොතිබිණි.

වෛද්‍යවරියගේ තීරණයක්

එසේ තිබියදී ඊයේ (01) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනිණි. අද (02) උදෑසන ඔහු 03 වැනි වාට්ටුවේ පළමු පන්තියේ කාමරයකට මාරු කර ඇති අතර, එය නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න විසින් බව වාර්තා වේ. මීට පෙර ද දුමින්ද සිල්වාට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරියට චෝදනා රැසක් එල්ල විය.

මෙහෙම පුළුවන් ද?

මෙසේ බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටින පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා යොමුකළ යුත්තේ බන්ධනාගාර රෝහලට හෝ රජයේ රෝහලකට බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු පවසති.

එස්.බී.ට වුණු දේ

මීට පෙර එස්.බී.දිසානායක හිටපු ඇමතිවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමෙන් පසු ද, මේ ආකාරයට ජයවර්ධනපුර රෝහලේ පළමු පන්තියේ කාමරයකට ඇතුළත් කර තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා ඔහු යළිත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට සිදු විය.

‘අපිට කරන්න දෙයක් නෑ’

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ ජයවර්ධනපුර රෝහල රජයේ රෝහලක් වන නිසා දුමින්ද සිල්වා එහි ප්‍රතිකාර ගැනීමේ ගැටළුවක් නැති බවත්, රෝහල තුළ ඔහුට ප්‍රතිකාර කරන ස්ථානය තීරණය කිරීමේ වගකීම ඇත්තේ අදාළ වෛද්‍යවරයාට බවත් ය. ඊට මැදිහත්වීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැති බව ද ඔහු පැවසීය.

-news19


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka